AFC Banner
Empty Ad
Empty Ad

තරුණියක් පැහැරගෙන ලිංගික අතවර කළ සෙබළා රිමාන්ඩ් – තරුණිය දැඩිසත්කාරයේ

බිරිඳට අයත් ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමඟදී තරුණියකට ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබළෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබන මහේස්ත්‍රාත්වරයා ‍ඊයේ (07) නියෝග කළා.

සැකකාර හමුදා සෙබළා ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ.

හමුදා සෙබළා සිය බිරිඳට අයත් බව කියන ත්‍රීරෝද රථයකින් ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට යමින් සිටින අතර මඟදී මෙම තරුණිය පැහැරගෙන ත්‍රීරෝද රථය තුළ දී ලිංගික අතවර සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු විසින් පැහැර ගත් තරුණිය එම අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයෙන් පිටතට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවයි වාර්තා වන්නේ.

සැකකරු මෙලෙස පැහැර ගෙන ඇත්තේ පලාගල, බමුණුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන අවිවාහක තරුණියක්.

පලාගල, බලලුවැව ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ආයතනයක සේවයේ නියුතු එම තරුණිය සේවය නිමකර නිවසට යමින් සිටිය දී සැකකරු විසින් මෙලෙස පැහැර ගෙන ගොස් ලිංගික අතවර සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරු සොයා විමර්ශන ආරම්භ කළ පොලිසිය පලාගල, මිරිහම්පිටිගම, මහයාය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකගේ නිවසේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධයට යොදාගත් ත්‍රීරෝද රථය ද එම කාන්තාව පදිංචි නිවසේ ගරාජයක් තුළ දමා රෙදිවලින් ආවරණය කර සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

සැකකරු විසින් ත්‍රිරෝද රථයේ බාහිර පෙනුම ද වෙනස් කිරීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර යුද හමුදා සෙබළා ඉපලෝගම, කලාකරඹෑව, මහයායගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන දෙදෙරු පියෙක්.

සිදුකළ පොලිස් විමර්ශණවලදී තවදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ ඔහු සිය අනියම් බිරිඳ බැලීමට එම නිවසට යන අතරතුර දී මෙම තරුණීය පැහැර ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
84
+1
39
+1
19
+1
22
+1
8
+1
43
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස් විදියකට හිතපු කල්පිටියේ බීට් ගොවියෝ - හිතුවෝත් මොනවද කරන්න බැරි?
02:35
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:11
Video thumbnail
බොරු සෝබන නෑ - කැටයම් නෑ - දැන් අපිට ඉන්නේ - ජව සම්පන්න නායකයෙක් #akd #anurakumaradissanayaka
02:02
Video thumbnail
කැළණියේ කෙල්ලෝ - කොල්ලෝ - මාලිමාවේ ජයග්‍රහණය අමුතුම විදියට සමරයි #npp #anurakumaradissanayaka
02:51
Video thumbnail
ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔයත් කැමතිද?
05:05
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36

?