තරුණියක් පැහැරගෙන ලිංගික අතවර කළ සෙබළා රිමාන්ඩ් – තරුණිය දැඩිසත්කාරයේ

බිරිඳට අයත් ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමඟදී තරුණියකට ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබළෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබන මහේස්ත්‍රාත්වරයා ‍ඊයේ (07) නියෝග කළා.

සැකකාර හමුදා සෙබළා ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ.

හමුදා සෙබළා සිය බිරිඳට අයත් බව කියන ත්‍රීරෝද රථයකින් ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට යමින් සිටින අතර මඟදී මෙම තරුණිය පැහැරගෙන ත්‍රීරෝද රථය තුළ දී ලිංගික අතවර සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු විසින් පැහැර ගත් තරුණිය එම අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයෙන් පිටතට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවයි වාර්තා වන්නේ.

සැකකරු මෙලෙස පැහැර ගෙන ඇත්තේ පලාගල, බමුණුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන අවිවාහක තරුණියක්.

පලාගල, බලලුවැව ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ආයතනයක සේවයේ නියුතු එම තරුණිය සේවය නිමකර නිවසට යමින් සිටිය දී සැකකරු විසින් මෙලෙස පැහැර ගෙන ගොස් ලිංගික අතවර සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරු සොයා විමර්ශන ආරම්භ කළ පොලිසිය පලාගල, මිරිහම්පිටිගම, මහයාය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකගේ නිවසේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධයට යොදාගත් ත්‍රීරෝද රථය ද එම කාන්තාව පදිංචි නිවසේ ගරාජයක් තුළ දමා රෙදිවලින් ආවරණය කර සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

සැකකරු විසින් ත්‍රිරෝද රථයේ බාහිර පෙනුම ද වෙනස් කිරීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර යුද හමුදා සෙබළා ඉපලෝගම, කලාකරඹෑව, මහයායගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන දෙදෙරු පියෙක්.

සිදුකළ පොලිස් විමර්ශණවලදී තවදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ ඔහු සිය අනියම් බිරිඳ බැලීමට එම නිවසට යන අතරතුර දී මෙම තරුණීය පැහැර ගැනීමට කටයුතු කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46