බංගලි පන්දු යවන්නෝ ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර තරග ඇමරිකාවේ ඩලස් හිදී මේ වනවිට ක්‍රියාත්මකයි.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නා.

එහිදී ශ්‍රී ලක පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට බංග්ලාදේශයට ලකුණු 125ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ රිෂාඩ් හොසේන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, මුස්තාෆිසුර් රහ්මාන් ද කඩුලු 03ක් බිඳ දැමුවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ පැතුම් නිස්සංකයි, ඔහු ලකුණු 47ක් රැස් කළා.

1 3
2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?