පැතුම්ට අර්ධ ශතකය අහිමිව යයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අද සිය 11 වන ජාත්‍යනතර විස්සයි විස්ස අර්ධ ශතකය අහිමිව ගියා.

ඒ, ලෝක කුසලාන 20-20 තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස ඔහු දැවියාමත් සමඟයි.

පැතුම් නිස්සංක ලකුණු 47ක් රැස්කරගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස නජ්මුල් හොසේන් වෙත උඩපන්දුවක් ලබා දී දැවී ගියා.

පන්දු 28කට පමණක් මුහුණ දෙමින් ඔහු ලකුණු 47 රැස්කළ අතර ඊට හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

ලෝක කුසලාන 20-20 තරගාවලියේ බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?