කෘෂි නවීකරණ නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ජනපතිට

වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොළ ජයගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන විට නවීන තාක්ෂණය භාවිත කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එසේ නොවුනහොත් අනාගතය ජයගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වෙළඳපොළ තුළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසු බව ද පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (06) පස්වරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

රට පුරා තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 25 බැගින් වෙන් කර ඇති අතර, එම නියමු ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කෙරුණා.

කෘෂිකර්ම හා ධීවර යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වැඩසටහන්, තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ වැඩසටහන් සහ කෘෂි නවීකරණ වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ආදී කරුණු මෙම වාර්තාවට ඇතුළත්.

නවීන තාක්ෂණය භාවිතයෙන් අපනයන වෙළඳපොළ සඳහා තරගකාරීව භාණ්ඩ සැපයීමත් ඒ තුළින් අපනයන වෙළඳපොළ ජයගැනීමත්, විදේශ විනිමය හා ගොවි ආර්ථිකය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉලක්කය වනවා.

මෙම ඉලක්ක ජයගැනීම සඳහා රිලවුන් සහ වන අලින්ගෙන් වගාවන්ට සිදුවන හානි හා පසු අස්වනු හානි අවම කරගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා.

අනාගත අපනයන වෙළඳපොළ සඳහා තරගකාරීව මුහුණදීමේදී නවීන තාක්ෂණය අත්‍යාවශ්‍ය බව මෙන්ම වගාබිම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡාවට එක් වූ පෞද්ගලික අංශයේ නියෝජිතයින් පෙන්වා දුන්නා.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුත් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා පවතින බාධක ඉවත්කර ගැනීම සඳහා මැදිහත් වන ලෙසද ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24