කෘෂි නවීකරණ නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ජනපතිට

වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොළ ජයගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන විට නවීන තාක්ෂණය භාවිත කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එසේ නොවුනහොත් අනාගතය ජයගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වෙළඳපොළ තුළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසු බව ද පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (06) පස්වරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

රට පුරා තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 25 බැගින් වෙන් කර ඇති අතර, එම නියමු ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කෙරුණා.

කෘෂිකර්ම හා ධීවර යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වැඩසටහන්, තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ වැඩසටහන් සහ කෘෂි නවීකරණ වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ආදී කරුණු මෙම වාර්තාවට ඇතුළත්.

නවීන තාක්ෂණය භාවිතයෙන් අපනයන වෙළඳපොළ සඳහා තරගකාරීව භාණ්ඩ සැපයීමත් ඒ තුළින් අපනයන වෙළඳපොළ ජයගැනීමත්, විදේශ විනිමය හා ගොවි ආර්ථිකය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉලක්කය වනවා.

මෙම ඉලක්ක ජයගැනීම සඳහා රිලවුන් සහ වන අලින්ගෙන් වගාවන්ට සිදුවන හානි හා පසු අස්වනු හානි අවම කරගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා.

අනාගත අපනයන වෙළඳපොළ සඳහා තරගකාරීව මුහුණදීමේදී නවීන තාක්ෂණය අත්‍යාවශ්‍ය බව මෙන්ම වගාබිම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡාවට එක් වූ පෞද්ගලික අංශයේ නියෝජිතයින් පෙන්වා දුන්නා.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුත් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා පවතින බාධක ඉවත්කර ගැනීම සඳහා මැදිහත් වන ලෙසද ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46