ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ආරවුලක් දුරදිග යයි මන්ත්‍රී රාජපක්ෂ රෝහලේ

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් අතර ඊයේ (03) පැවති රැස්වීමක් අතර තුර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මෙහිදී ඇති වූ ආරවුලක් හේතුවෙන් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මන්ත්‍රීවරයා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

මහනුවර දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් තවත් මන්ත්‍රීවරයෙක් මැදිහත්ව එම සමථයකට පත්කර ඇති අතර, රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මත දී මන්ත්‍රීවරුන් දෙදෙනා අතර යළිත් වරක් බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇද වැටී මෙලෙස රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළේ තමාගේ හැසිරීම් සියල්ල සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී ඇති බැවින් පහරදීමක් සිදුව ඇත්නම් එම දර්ශනවලින් හොඳින්ම ඔප්පු කර ගැනීමට හැකියාව ඇති බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
28
+1
2
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?