LankaPay සභාපති තනතුරට ලක්ෂ්මන් සිල්වා පත් කෙරේ

ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයකු සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ආචාර්ය කෙනත් ද සිල්වා මහතා LankaPay හි සභාපති තනතුරින් ඉවත් වී තිබෙනවා.

ඒ, වසර තුනක ඔහුගේ ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් පසුවයි.

ඔහුගෙන් පසු තවත් ප්‍රවීණ බැංකුකරුවෙකු වන ලක්ෂ්මන් සිල්වා මහතා LankaPay හි සභාපති තනතුරට පත් වී තිබෙනවා.

සභාපති තනතුරට පත්වීමෙන් පසු ලක්ෂ්මන් සිල්වා මහතා පසුගිය පළමු වනදා LankaPay හි 05 වන සභාපතිවරයා ලෙස වැඩ භාරගත්තා.

බැංකුකරණයේ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති ආචාර්ය කෙනත් ද සිල්වාගේ නායකත්වය යටතේ LankaPay විසින් ජාතික ගෙවීම් යටිතල පහසුකම් සඳහා ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන නවෝත්පාදන රැසක් සාර්ථකව හඳුන්වා දෙනු ලැබුවා.

ව්‍යාපාර චක්‍ර සහ ආර්ථිකය පිළිබඳ ප්‍රවීණයෙකු වන ආචාර්ය කෙනත් ද සිල්වා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක්, ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා තිබෙනවා.

ඔහු නෙදර්ලන්තයේ ISS/Erasmus විශ්වවිද්‍යාලයෙන් සංවර්ධනය සඳහා ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු කළමනාකරණය සහ මූල්‍ය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙක් ද වනවා.

නව සභාපති ලෙස වැඩ භාරගත් ලක්ෂ්මන් සිල්වා මහතා DFCC බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂවරයා වනවා.

ඔහු ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර 1987 දී DFCC බැංකු සමූහයට සම්බන්ධ වුණා.

2003 දී DFCC වර්ධන බැංකුවේ සේවයට අනුයුක්ත කරන ලද ඔහු ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ ලෙස පත් වන තෙක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළා.

ඔහු 2015 ඔක්තෝම්බර් මාසයේ සිට DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ තනතුර ද හෙබවූ අතර 2017 අගෝස්තු මාසයේදී ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ ලෙස පත් කරන කරනු ලැබුවා.

2021 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු විශ්‍රාම යන තෙක් ඔහු ලංකා කාර්මික වතුයායේ DFCC කන්සල්ටින් ලිමිටඩ් හි සභාපති ලෙස සේවය කළා.

වර්තමානයේ ඔහු Seylan Bank PLC හි ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසද, HNB ඇෂුවරන්ස් සහ Finetech Consultancy Ltd හි ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කරන අතර, Panasian Power PLC සහ එහි අනුබද්ධ සමාගම්වල සභාපති සහ අධ්‍යක්ෂ ලෙස සේවය කරනවා.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශවකරුවන්ගේ සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනවා.

ලක්ෂ්මන් සිල්වා මහතා ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන අතර, ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් BCom (Sp.) උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් MBA උපාධියක් ද ලබා තිබෙනවා.

එමෙන්ම ඔහු ආසියා සහ පැසිෆික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) සහකාර සාමාජිකයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50