AFC Banner
Empty Ad
Empty Ad

සා.පෙළ ප්‍රතිඵල එළඹෙන සැප්තැම්බරයේ

පසුගිය මැයි මස 15 වනදා අවසන් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජය­සු­න්දර පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව සඳහන් කළා.

2023 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාග පසුගිය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත් වුණා.

ඒ, සඳහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් 387, 648ක් පාසල් අයදුම්කරුවන් වන අතර 65,331ක් පෞද්ගලික අයදුම්කරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර 2023 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (31) දිනයේ නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?