හොංකොං ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ජාතික ආරක්ෂක නීතිය

නිල නොවන මැතිවරණයක් සංවිධානය කිරීමෙන් රජය පෙරළා දැමීමට උත්සාහ කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් 47 දෙනාගෙන් 14 දෙනෙකු වැරදිකරුවන් බවට හොංකොං අධිකරණය තීන්දු කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ක්‍රියාකාරීන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කළ අධිකරණය 16 දෙනෙකු වරද පිළිගැනීම හේතුවෙන් නිදහස් කර තිබෙනවා.

වැරදිකරුවන් ලෙස තීන්දු වූ පිරිස අතර 68 හැවිරිදි හිටපු විපක්ෂ දේශපාලනඥයකුගේ සිට 27 හැවිරිදි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු දක්වා, හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නියෝජනය කළ උද්ඝෝෂකයන් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා විපක්ෂයේ අපේක්ෂකයින් තෝරාගැනීම සඳහා නිල නොවන ප්‍රාථමික තරග පවත්වමින් රජය “පෙරළීමට” උත්සාහ කළ බවට මෙම ක්‍රියාකාරීන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබුණා.

ප්‍රාථමික මැතිවරණයේ ජයග්‍රාහකයින් සැබවින්ම නීති සම්පාදකයින් ලෙස තේරී පත් වූයේ නම් ක්‍රියාකාරීන්ගේ මෙම කටයුත්ත ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බවටයි පැමිණිල්ල තර්ක කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00