AFC Banner
Empty Ad
Empty Ad

ඩොනල්ඩ් ට්‍රම්ප් එරෙහිව ඇමරිකාවේ ඉතිහාසගත නඩු තීන්දුවක්

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා.

එක්සත් ජනපදයේ හිටපු හෝ ජනාධිපති ධුරයේ සිටින ජනාධිපතිවරයෙකු අපරාධමය වරදකට වරදකරු වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණේ ජූරි සභිකයින් දින 02ක් පුරා පැය 12කට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ට්‍රම්ප් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත් වූ බව කියන ස්ටෝමි ඩැනියෙල්ස් ඇතුළු සාක්ෂිකරුවන් 22 දෙනෙකුගෙන් උසාවිය සති 06ක් පුරා සාක්ෂි විමසමින් මෙම නඩුව විභාග කළා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියම වන්නේ එළඹෙන ජුලි 11 වැනිදා සිට වන අතර හිටපු ජනාධිපතිවරයාට සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති නමුත් නීති විශාරදයින් පවසන්නේ ඔහුට දඩයක් නියම කිරීම වැඩි අවස්ථාවක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?