AFC Banner
Empty Ad
Empty Ad

පෙම් ආරවුල වෙසක් බලන්න ගිය තරුණයාට මරු කැඳවයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර බණ්ඩාරණායක වටරවුම ආසන්නයේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (25) අලුයම මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම තරුණයා වෙසක් නැරඹීම සඳහා තවත් හිතවතුන් කිහිප දෙනෙක් සමඟ ඔරුගොඩවත්ත දෙසට ගමන් කරමින් සිටිය දී මෙම තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

එලෙස තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ තරුණයා බරපතල තත්ත්වයෙන් ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රේම සම්බන්ධයක් ඇති වූ ආරවුලක් මත පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 සහ 18 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
4
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?