අද දිනයේත් මිලි මීටර් 100ට වැඩි තද වැසි

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ දීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) අහස වළාකුලින් බරව පවතින අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දකුණු පළාතේ විටින්විට හමන පැයට කිලෝ මීටර් 30-40ක පමණ තරමක් තද සුළංඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45
Video thumbnail
අපේ ඉන්ධන නැව් එන්නේ මැද පෙරදිගින් නෙවෙයි..කළබලයක් ඇති කරගන්න එපා
02:23
Video thumbnail
බොරුවටනේ අපේ මිනිස්සු කලබල වුණේ..මෙන්න ෂෙඩ්වලට දාන්න තෙල් පටවන ගමන්
03:28
Video thumbnail
CPC සභාපති කළ විශේෂ ප්‍රකාශය මෙන්න..කූඨ ව්‍යාපාර සිදුකරන අයට රතු එළියක්
04:40
Video thumbnail
"පෙට්‍රල් නෑ - ඩීසල් තියෙනවා ඕන තරම් ග#න්නම්"මහරගම ෂෙඩ්වල පෝළිම් නෑ - තෙලුත් නෑ
00:44
Video thumbnail
ඉන්ධන නොමැතිව බෙලිඅත්ත නගරයේ ඉන්ධන පිරවුම්හල වැසෙයි
00:38
Video thumbnail
ආණ්ඩුව හොඳයි - මැච් එක ග#න් යනවා..මගේ වාහනේට විතරක් ෆුල් ටෑන්ක් ග#ගෙන මොන මඟුලක් කරන්නද ?
04:10
Video thumbnail
ශ්‍රී මහා බෝධියට මහ සෙනඟක් ඇදෙයි..බැතිමතුන්ගෙන් පන්සල් පිරී ඉතිරෙයි
01:13
Video thumbnail
ශම්මි, ඩඩ්ලි, නාමල්, සජිත් ගැන දුමින්ද එක පෙළට කිව්ව සැර කතාව..විපක්ෂය තනිකරම අඳබාල විපක්ෂයක්
05:55