සචිත්‍ර සේනානායකට එරෙහි පැමිණිල්ල කැඳවයි – කටහඬ පරීක්ෂණ වාර්තාව නැහැ

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් සඳහන් කළේ සැකකරුගේ කටහඬ පරීක්ෂණය සිදුකර තිබුණ ද එම පරීක්ෂාව සිදු කරන යන්ත්‍රය කැඩී තිබීම නිසා ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

එම අවස්ථාවේ දී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කටහඬ පරීක්ෂණය මීට වසරකට පමණ ඉහතදී සිදුකළ ද එහි වාර්තාව මෙතෙක් නොලැබීම තුළින් තම සේවා දායකයාට අසාධාරණයක් සිදුවන බව පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කටහඬ පරීක්ෂණයට අදාළ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමටද නියම කළා.

2019 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සචිත්‍ර සේනානායක මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01