AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රංශ බන්ධනාගාර වෑන් රථයකට ප්‍රහාරයක් – අපරාධකරුවෙක් මුදාගෙන පළායයි

ආයුධ සන්නද්ධ පිරිසක් ප්‍රංශ බන්ධනාගාර වෑන් රථයකට වෙඩි තබා නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර සිරකරුවෙක් මුදාගෙන තිබෙනවා.

උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි හි රූඕන් නගරයේ අධිවේගී මාර්ගයක පිවිසුම අසල දී මෙම ප්‍රහාරය එල්ල වූණා.

බන්ධනාගාර වෑන් රථය ගාස්තු ගෙවා ඉදිරියට පැමිණෙන අවස්ථාවේ මෝටර් රථයක් එහි ගැටෙන්නට සලස්වා ඉන් පිටතට පැමිණෙන තුවක්කුකරුවන් වෑන් රථය දෙසට වෙඩි තබන අයුරු ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

මෙහිදී බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි සිරකරුවෙක් තුවක්කුකරුවන් විසින් මුදාගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මිය ගිය අතර, තවත් දෙදෙනෙක් තුවාල ලැබුවා.

පළා ගිය අපරාධකරුවන් සොයා ප්‍රංශ පොලිසිය හා ආරක්ෂක අංශය සිය ගණනක පිරිසක් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර යළි බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටියදීයි.

පළා ගිය රැඳවියා 1994 වසරේ උපන් මොහොමඩ් අම්රා ලෙස හඳුනා ගෙන ඇති අතර, ඔහු මැයි 10 වැනිදා ⁣සිදු වූ සොරකමකට අදාළව වරදකරු වී ඇති අතර පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා.

කෙසේ වෙතත් අම්රා දරුණු ගණයේ අපරාධකරුවකු ලෙස සැලකූ අයෙක් නොවන බව ප්‍රංශ බලධාරීන් පවසනවා.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ දී විනාඩියක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරමින් මෙම සිද්ධියෙන් විපතට පත් නිලධාරීන් සිහිපත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30

?