එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ, සූර්ය පැනල, වානේ සහ අනෙකුත් භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කර තිබෙනවා.
ධවල මන්දිරය පැවසුවේ, චීනයේ විදුලි මෝටර් රථ සඳහා 100% දේශසීමා බද්දක් පැනවීම ඇතුළු මෙම පියවර, අසාධාරණ ප්‍රතිපත්තිවලට ප්‍රතිචාරයක් වන අතර එක්සත් ජනපද රැකියා වෙළෙඳපොළ ආරක්ෂා කිරීම ද අදහස් කරන බවයි.
විදුලි වාහන සහ බැටරි, පරිගණක චිප් සහ මූලික වෛද්‍ය සැපයුම් ඇතුළු අනෙකුත් ප්‍රධාන භාණ්ඩ සඳහා “අයුතු ලෙස වෙළඳපොළ පාලනය කිරීමට” චීනයට ඉඩ නොදෙන බව බයිඩන් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද තීරුබදු ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 18ක් වටිනා ආනයනවලට අදාළ වනු ඇතැයි ධවල මන්දිරය පවසනවා.
විදුලි වාහන ගාස්තු 25% සිට 100% දක්වා ඉහළ යාම මෙන්ම සූර්ය කෝෂ සඳහා අය කරන බදු 25% සිට 50% දක්වා ඉහළ යනු ඇති.
ඇතැම් වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා තීරුබදු අනුපාත 7.5% හෝ ඊට අඩු සිට 25% දක්වා තුන් ගුණයකින් වැඩිකර තිබෙනවා.