ජංගම දුරකථනයක් පෙරපාසල් දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනයට විදුලිය ආරෝපණය කර, එය නරඹමින් සිටි කුඩා දැරියක් විදුලි සැර වැදී ඊයේ (13) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු තුනහමාරක පෙර පාසල් දැරියක්.

මෙම දැරිය ඊයේ දහවල් පෙර පාසල් ගොස් නැවත නිවසට පැමිණ ඇය විසින්ම ජංගම දුරකථනයට විදුලියට ආරෝපණය කර බිම දිගාවී ජංගම දුරකථනය නරඹමින් සිට තිබෙනවා.

පසුව ඇය කිසිඳු කතාබහක් නොමැතිව බිම වැතිරී සිටීම හේතුවෙන් සහෝදරයා ඒ පිළිබඳව මවට දැන්වීමට කටයුතු කර ඇති බව සඳහන්.

අනතුරුව සිහිසුන්ව බිම වැතිරී සිටි දැරිය එම මොහොතේ ම බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්‍ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
20
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?