ජංගම දුරකථනයක් පෙරපාසල් දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනයට විදුලිය ආරෝපණය කර, එය නරඹමින් සිටි කුඩා දැරියක් විදුලි සැර වැදී ඊයේ (13) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු තුනහමාරක පෙර පාසල් දැරියක්.

මෙම දැරිය ඊයේ දහවල් පෙර පාසල් ගොස් නැවත නිවසට පැමිණ ඇය විසින්ම ජංගම දුරකථනයට විදුලියට ආරෝපණය කර බිම දිගාවී ජංගම දුරකථනය නරඹමින් සිට තිබෙනවා.

පසුව ඇය කිසිඳු කතාබහක් නොමැතිව බිම වැතිරී සිටීම හේතුවෙන් සහෝදරයා ඒ පිළිබඳව මවට දැන්වීමට කටයුතු කර ඇති බව සඳහන්.

අනතුරුව සිහිසුන්ව බිම වැතිරී සිටි දැරිය එම මොහොතේ ම බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්‍ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08