විජයදාසට බාධා නොකරන ලෙස අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීමට සියලු පාර්ශ්වයන්ට වළක්වාලමින් වාරණ නියෝගයක් අධිකරණය විසින් නිකුත්කර තිබෙනවා.

කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය විසින් අද (13) දින මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ, වැඩ බලන ලේකම් නීතිඥ කීර්ති උඩවත්තට සහ දේශපාලන මණ්ඩලයට අදාළ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ඉල්ලමින් ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි සොයිසා යන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන් දෙදෙනා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 වනදා පැවැත් වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය ඊයේ (12) දිනයේ පැවැත් වූ විධායක සභා රැස්වීමේ දී නව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කරගනු ලැබුවා.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟයි.

එමෙන්ම පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත පත්කර ගැනීමට මෙහිදී කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?