ඝාතනය වූ කුලියාපිටිය තරුණයාගේ පෙම්වතිය පොලිස් අත්අඩංගුවට (වීඩියෝ)

පසුගිය අප්‍රේල් 22 වනදා කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි සිඋසිත් ජයවංශ නැමැති තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම තරුණයාගේ පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ තරුණියට කුලියාපිටිය පොලිසිය වෙත ඊයේ (12) දිනයේ කැඳවා සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ 18 හැවිරිදි අදාළ තරුණිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර තරුණිය සුසිත් ජයවංශ නැමැති තරුණයා අතින් ගැබ් ගෙන ඇති බවත් පසුව ඔහුගේ මැදිහත් වීමෙන් දරු ගැබ ගබ්සා කර ඇති බවත් පොලිසියට කරුණු අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹිය හැකි වන්නේ සැකකාර තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක් වූ 31 හැවිරිදි සුසිත් ජය­වංශ නැමැති තරුණයාගේ මළ සිරුර පසු­ගිය 07 වනදා මාදම්පේ, පනි­රෙ­න්ඩාව රක්ෂිතයේ තිබී පොලිසිය විසින් සොයා ගත්තේ ඔහු අතුරුදන් වී දින 15 කට පසුවයි.

මේ අතර මෙම සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි කුලියාපිටිය පොලිසිය සඳහන් කළේ.

ඊයේ අත්අඩංගුවට ගැනුණු සැකකාර පෙම්වතිය අද (13) දිනයේ කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එම පොලිසියේ උසස් නිලධාරියෙක් අප සමඟ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
5
+1
2
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57