එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවසථාවට අද (10) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නමුත්, ඒ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා මේ දක්වා තීරණය කර නොමැති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය එළඹෙන 18 වනදාට පෙර දැනුම්දෙන බවට ප්‍රකාශයක් කර ඇතැයි පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා තම පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් වන තීන්දුව ඉතා ඉක්මණින් ගන්නා බව ද පැවසුවා.
මේ අතර රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එක්ව කටයුතු කිරීමට මෙන්ම වෙන්ව කටයුතු කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.