විවේචන, අපවාද ගොඩක් මැද අපි වැල් පාලම තරණය කළා

බියක් සැකක් නොමැතිව තමා රට භාර ගත්තේ නිසි සැලැස්මක්, අත්දැකීම් හා ජාත්‍යන්තර සම්බන්ධතා තිබූ නිසා බවත් ඒ හේතුවෙන් අපායට වැටී තිබුණු මේ රට ගොඩගැනීමට තමාට හැකි වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීමට ලැබෙන අවස්ථාව පැහැර නොහරින ලෙසත් මෙම අසීරු අවස්ථාවේ රට වෙනුවට තම පෞද්ගලික අභිලාෂ මත කටයුතු කළහොත් එය විශාල විනාශයක ආරම්භයක් වනු ඇති බවත්ය.

“රට නැවතත් ගොඩ නැංවීමේ මෙහෙවර මම භාර ගත්තාට පස්සෙ ආර්ථිකයේ සැබෑ තත්ත්වය පිළිබඳ සියළු තොරතුරු මම වරින් වර මේ සභාව හමුවේ ගෙන හැර දැක්වූවා. පසුගිය වසර දෙක තිස්සේම මම ආර්ථිකය සහ අනාගත ආර්ථික සැලසුම් ගැන කරුණු ඔබ හමුවේ ඉදිරිපත් කළා. මම භාර ගත්තේ ගිනිගත්තු රටක්. අපායට වැටුණු රටක්, හැකිලුණු ආර්ථිකයක්, උද්ධමනය සියයට 70 ක පැවතුනා.

වෙනත් කිසි කෙනෙක් ඒ වේලාවේ රට බේරා ගැනීමේ අභියෝගය බාරගත්තේ නෑ. ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කළා. නමුත් මම කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා. මගේ පක්‍ෂයට මේ පාර්ලිමේන්තුවේ තිබුණේ එකම එක මන්ත්‍රී ධුරයයි. එහෙම අනතුරුදායක පසුබිමකයි මම මෙහෙවරට උර දුන්නේ. බයක් සැකක් නැතිව ඒ අභියෝගය මම භාර ගත්තේ හේතු තුනක් උඩ. මට සැලැස්මක් තිබුණා. අත්දැකීම් තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණා. ඒ නිසා, අපායට වැටිලා තිබුණ මේ රට ගොඩ ගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා.

මම මේ රට වෙනුවෙන් අභියෝගාත්මක මෙහෙවර භාර ගත් අවස්ථාවේ මට ගමන් කරන්නට සිදු වී ඇත්තේ වැල් පාලමක බව මම සඳහන් කළා. ඒ අවස්ථාවේ එය ගණන් නොගත් අය පවා අද ඒ බව පිළිගන්නවා. ඒකෙන් පේන්නේ වැල් පාලම මග හැර අපට වෙන විකල්පයක් නැහැ. මේ මග හැර වෙන මගක් නොමැති බව ඒ අයත් අද පවසනවා. මම නැවතත් කියනවා. අපේ ආර්ථිකය යළි ගොඩනංවන්නට මේ මග හැර වෙනත් මගක් නැහැ. මේ වැඩපිළිවෙල හැර වෙනත් වැඩපිළිවෙලක් නැහැ. මේ සැලසුම හැර වෙනත් සැලසුමක් නැහැ. අන්න ඒ නිසා තමයි, මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල පිළිබඳ පොදු එකඟතාවයක්, පොදු සම්මුතියක් අවශ්‍ය බව මම හැමවිටම කියන්නේ.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37