විවේචන, අපවාද ගොඩක් මැද අපි වැල් පාලම තරණය කළා

බියක් සැකක් නොමැතිව තමා රට භාර ගත්තේ නිසි සැලැස්මක්, අත්දැකීම් හා ජාත්‍යන්තර සම්බන්ධතා තිබූ නිසා බවත් ඒ හේතුවෙන් අපායට වැටී තිබුණු මේ රට ගොඩගැනීමට තමාට හැකි වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීමට ලැබෙන අවස්ථාව පැහැර නොහරින ලෙසත් මෙම අසීරු අවස්ථාවේ රට වෙනුවට තම පෞද්ගලික අභිලාෂ මත කටයුතු කළහොත් එය විශාල විනාශයක ආරම්භයක් වනු ඇති බවත්ය.

රට නැවතත් ගොඩ නැංවීමේ මෙහෙවර මම භාර ගත්තාට පස්සෙ ආර්ථිකයේ සැබෑ තත්ත්වය පිළිබඳ සියළු තොරතුරු මම වරින් වර මේ සභාව හමුවේ ගෙන හැර දැක්වූවා. පසුගිය වසර දෙක තිස්සේම මම ආර්ථිකය සහ අනාගත ආර්ථික සැලසුම් ගැන කරුණු ඔබ හමුවේ ඉදිරිපත් කළා. මම භාර ගත්තේ ගිනිගත්තු රටක්. අපායට වැටුණු රටක්, හැකිලුණු ආර්ථිකයක්, උද්ධමනය සියයට 70 ක පැවතුනා.

වෙනත් කිසි කෙනෙක් ඒ වේලාවේ රට බේරා ගැනීමේ අභියෝගය බාරගත්තේ නෑ. ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කළා. නමුත් මම කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා. මගේ පක්‍ෂයට මේ පාර්ලිමේන්තුවේ තිබුණේ එකම එක මන්ත්‍රී ධුරයයි. එහෙම අනතුරුදායක පසුබිමකයි මම මෙහෙවරට උර දුන්නේ. බයක් සැකක් නැතිව ඒ අභියෝගය මම භාර ගත්තේ හේතු තුනක් උඩ. මට සැලැස්මක් තිබුණා. අත්දැකීම් තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණා. ඒ නිසා, අපායට වැටිලා තිබුණ මේ රට ගොඩ ගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා.

මම මේ රට වෙනුවෙන් අභියෝගාත්මක මෙහෙවර භාර ගත් අවස්ථාවේ මට ගමන් කරන්නට සිදු වී ඇත්තේ වැල් පාලමක බව මම සඳහන් කළා. ඒ අවස්ථාවේ එය ගණන් නොගත් අය පවා අද ඒ බව පිළිගන්නවා. ඒකෙන් පේන්නේ වැල් පාලම මග හැර අපට වෙන විකල්පයක් නැහැ. මේ මග හැර වෙන මගක් නොමැති බව ඒ අයත් අද පවසනවා. මම නැවතත් කියනවා. අපේ ආර්ථිකය යළි ගොඩනංවන්නට මේ මග හැර වෙනත් මගක් නැහැ. මේ වැඩපිළිවෙල හැර වෙනත් වැඩපිළිවෙලක් නැහැ. මේ සැලසුම හැර වෙනත් සැලසුමක් නැහැ. අන්න ඒ නිසා තමයි, මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල පිළිබඳ පොදු එකඟතාවයක්, පොදු සම්මුතියක් අවශ්‍ය බව මම හැමවිටම කියන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56