සුසිත් ඝාතනයේ ප්‍රධාන සැකකරුට රැඳවුම් නියෝග

සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන සිඟිති නැමැත්තාගේ මස්සිනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා.

ඝාතනයට ලක් වූ සුසිත්ගේ සිරුර පනිරෙන්ඩාව රක්ෂිතයේ තිබී සොයා ගැණුනේ මෙම පුද්ගලයා කළ අනාවරණය මතයි.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි සුසිත ජයවංශ පසුගිය අප්‍රේල් මස 22 වැනිදා අතුරුදන් වූ බවට වාර්තා වුණේ සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී යි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය සුසිත්ගේ පෙම්වතිය යැයි පැවසෙන තරුණියගේ නිවැසියන්ගෙන් ප්‍රශ්න කිරීම් සඳහා ගියද ඒ වනවිටත් ඔවුන් පදිංචිව සිටි කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේ නිවසින් පළා ගොස් තිබුණා.

තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට පෙම්වතියගේ පියා වන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නැමැත්තා සහ ඔහුගේ බිරිඳ අධිකරණයට භාර වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අනතුරුව ඝාතනයට සැකපිට සිඟිති නැමැත්තාගේ මස්සිනා වූ වස්සාවුල්ල ඉලුක්හේන පදිංචි ජයසිංහ දොන් චාරුක දේවින්ද නැමැති පුද්ගලයා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා අත්ඩංගුවට ගත්තා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්නකිරිම් මත අතුරුදන් වූ තරුණයාගේ පුළුස්සා තිබූ සිරුර හලාවත මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයේ ප්‍රදේශයක තිබියදී පොලිසිය සොයා ගත්තා.

ඒ අනුව අදාළ සැකකරු ඊයේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පනිරෙන්ඩාව රක්ෂිත භූමියේ සුසිත්ගේ සිරුර දමා ඇති බවට හෙළිකළ මෙම සැකකරු වෙනුවෙන් රැඳවුම් නියෝගයක් පොලිසිය ඉල්ලා සිටි අතර කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් ඒ සඳහා අවසර ලබා දුන්නා.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියේ අදාළ සිද්ධිය මිනීමැරුමක් බව හෙළිවීමත් සමග ඇප කොන්දේසි සැපිරීමට නොහැකිව බන්ධනාගාර භාරයේ සිටින සිඟිති නොහොත් සුජිත් ප්‍රනාන්දු හා ඔහුගේ බිරිය අදාළ සිද්ධියට අත්‍යාවශ්‍ය සැකකරුවන් නිසා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාරයට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පොලිසිය කළ එම ඉල්ලීමද සලකා බැලූ අධිකරණය සිඟිති නැමැත්තා හා ඔහුගේ බිරිඳ හෙට නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26