මාකඳුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ‘මාකොළ සුද්දා’ අත්අඩංගුවට

මියගිය පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් ‘මාකොළ සුද්දා’ නැමැත්තා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් ද අනතුරට ලක්කර අදාළ මෝටර් රථය පළා යාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෝටර් රථය එක්වරම පිටුපසට ගැනීමේ දී රථයේ පිටුපස කොටස ගැටීමෙන් සිදුවූ හානියත් සමඟ එය අධිවෙි⁣ගී මාර්ගයේ විශේෂ සේවා දොරටුවෙන් පළා යෑමට උත්සාහකර තිබෙනවා.

එහිදී මෝටර් රථයේ පිටුපස රෝදයක හුලං බැසයෑමත් සමඟ ධාවනය කිරීමට අපහසු වූ පසු සැකකරු මෝටර් රථයෙන් බැස අධිවේගී මාර්ගයේ දුවගොස් පළා යාමටයි උත්සාහ කර ඇත්තේ.

එම අවස්ථාවේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු අල්ලා ගැනීමට කටයුතු කර ඇති අතර, එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 650ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 22ක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් 36 හැවිරිදි සැකකරු ද දැනට මියගොස් සිටින අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායම සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ පුද්ගලයෙක් බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 8,400ක්, ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථන 05ක් සහ මුදල් ගනුදෙණු සටහන් පොතක් ද සොයාගන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇති අතර, වැටලීම අතර තුර
තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ මුදල් තියාගෙන හිටියේ මේ වගේ ආපදාවලට උදව් කරන්න..අපි කිසිම බද්දක් වැඩි කරලා නෑ..
03:09
Video thumbnail
වසා දැමූ පළාත් 6ක සියළු පාසල් 16වනදා විවෘත කෙරේ..අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
12:57
Video thumbnail
අපි ආණ්ඩුවට සහාය දෙනවා - නාමල් කියයි
03:46
Video thumbnail
ඕන රෙද්දක දාගනින් ගිහිල්ලා..ඔය බම්බුව විසි කරලා..අවිස්සාවේල්ල කෑම කඩේක උණුසුම් තත්ත්වයක්
00:59
Video thumbnail
හොරකම් කරන්නේ නැත්තම් කොන්ද කෙළින් තියාගෙන මේක කරන්න
11:03
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30


?