මාකඳුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ‘මාකොළ සුද්දා’ අත්අඩංගුවට

මියගිය පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් ‘මාකොළ සුද්දා’ නැමැත්තා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් ද අනතුරට ලක්කර අදාළ මෝටර් රථය පළා යාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෝටර් රථය එක්වරම පිටුපසට ගැනීමේ දී රථයේ පිටුපස කොටස ගැටීමෙන් සිදුවූ හානියත් සමඟ එය අධිවෙි⁣ගී මාර්ගයේ විශේෂ සේවා දොරටුවෙන් පළා යෑමට උත්සාහකර තිබෙනවා.

එහිදී මෝටර් රථයේ පිටුපස රෝදයක හුලං බැසයෑමත් සමඟ ධාවනය කිරීමට අපහසු වූ පසු සැකකරු මෝටර් රථයෙන් බැස අධිවේගී මාර්ගයේ දුවගොස් පළා යාමටයි උත්සාහ කර ඇත්තේ.

එම අවස්ථාවේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු අල්ලා ගැනීමට කටයුතු කර ඇති අතර, එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 650ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 22ක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් 36 හැවිරිදි සැකකරු ද දැනට මියගොස් සිටින අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායම සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ පුද්ගලයෙක් බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 8,400ක්, ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථන 05ක් සහ මුදල් ගනුදෙණු සටහන් පොතක් ද සොයාගන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇති අතර, වැටලීම අතර තුර
තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08