මරුවාට අත වනමින් මුලතිව් යන්න ගිය මිනීපෙට්ටි තොගයක් අතර මඟ නවතී

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් අනතුරුදායක ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් පිරිසක් විසින් පානදුර දෙස සිට මිනීපෙටිටි පටවාගෙන පැමිණි මෙම රථය නවතා තිබෙනවා.

එහිදී අනතුරුදායක අන්දමින් මිනීපෙට්ටි 50ක් පමණ එම ලොරි රථයේ පටවා ඇති බවයි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ.

ලොරි රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී පානදුර – අළුබුමුල්ල ප්‍රදේශයේ සිට මුලතිව් දක්වා මෙම මිනීපෙට්ටි තොගය ප්‍රවාහනය කරන බවයි.

අනතුරුව ලොරි රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අනතුරු දායක අන්දමින් මිනීපෙට්ටි තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
3
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?