සේවක අර්ථසාධක අරමුදල EPF සඳහා ගෙවනු ලබන පොළී අනුපාතය 9% සිට සියයට 13%ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (28) යටියන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
සේවක අර්ථසාධක අරමුදලේ ඇති මුදල් ආයෝජනය කිරීම තුළින් ඉපැයූ මුදල්වලින් මෙලෙස පොළී මුදල් ගෙවීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ඇති දැවැන්තම අරමුදල සේවක අර්ථසාධක අරමුදල බවත්, මේ වන විට ක්‍රියාකාරී සාමාජිකයින් ලක්ෂ විසි හතක පිරිසක් එහි සිටින බවයි.
2023 වර්ෂය සඳහා සේවක අර්ථ සාධක අරමුදලෙහි ආයෝජනය කර උපයාගත් මුදල්වලින් 13%ක පොළී ප්‍රතිශතයක් ගෙවීමට රජය ගෙන ඇති මෙම තීරණය සාමාජිකභවතුන්ට සුභ පණිවිඩයක් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.




