මගේ ළඟ ඩීල් නෑ – ඇමති විජේදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස පත්කර ගත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ (25) මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මල්වතු මහා නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේදී විධායක කමිටු සාමාජිකයෝ 116ක් ඒකමතිකව තීරණය කළා මාව පක්ෂයේ වැඩබලන සභාපති වශයෙන් පත් කිරීමට, මම ඒ ආරාධනාව පිළිගත්තා. මගේ ළඟ ඩීල් නෑ.මේ සියල්ලම සිදුවුණේ පක්ෂ ව්‍යවස්ථාවට අනුවයි. ව්‍යවස්ථාවට පටහැනිව කිසිදෙයක් සිදුවෙලා නෑ. මේ පක්ෂයක වැඩ බලන සභාපති වුණා කියලා මගේ ඇමතිකම අහෝසි කරන්න රජයට කිසි හේතුවක් නෑ. මේ රජයේ විවිධ පක්ෂ නියෝජනය කරන ඇමැතිවරු ඉන්නවා.මට එරෙහිව ඕනෑම අයෙක් ගන්නා තීන්දු තීරණවලට අවශ්‍ය වෙලාවට මමත් තීන්දු තීරණ ගන්නවා.මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් සිදුවෙන නිසා වැඩියමක් ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපි අවශ්‍ය වෙලාවට අධිකරණයට යනවා. හදිසි නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39