Update – ෆොක්ස් හිල් ධාවන පථයේ අනතුරට තරඟකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

දියතලාව ෆොක්ස් හිල් ධාවන පථයේ ඊයේ (21) සිදු වූ අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරඟකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ දියතලාව මූලික රෝහලේ ප්‍රථිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු තරඟකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෝටර් රථ තරගයක් අතරතුර වම්පස ඉදිරියෙන්ම ධාවනය වූ මෝටර් රථයක් ධාවන පථයේ පෙරළී ගොස් ඇති අතර, ඒ අසල දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී පසුපසින් ධාවනය වූ තවත් මෝටර් රථයක් දකුණු පසින් පැමිණ ඇති අතර, ධාවන පථය ආසන්නයටම පැමිණ සිටි නරඹන්නන් එහිදී කලබලයට පත්ව ඇති බවයි දැනගන්නට ලැබුණේ

එහිදී ඔවුන්ව මඟ හැර ධාවනය කිරීමට එම මෝටර් රථයේ රියදුරු උත්සාහ කළ අවස්ථාවේ අධික වේගයෙන් ධාවනය වෙමින් පැමිණි එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරළීයාමෙන් මෙම මාරනිතික අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙක් තුවාල ලැබුවා.

වසර පහකට පසු ඊයේ සංවිධානය කර තිබූ මෙම තරගාවලිය නැරඹීම සඳහා ආසන්න වශයෙන් ප්‍රේක්ෂකයින් 100,000ක් පමණ පැමිණ සිටි බව සඳහන්.

ඊයේ සිදු වූ මෙම ඛේදවාචකයෙන් පසු තරගාවලියේ ඉතිරි තරග අත්හිටුවීමට සංවිධායකයින් කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05