ගුවන් තොටුපොළ තුළ ගමන් මලු සොරාගත් රූමත් කතක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට මෙම සොරකමේ නිරතව සිට තිබෙනවා.මෙහි පිරිමි පුද්ගලයා තම බිරිඳගේ ගමන් බලපත්‍රය රැගෙන කටුනායක ගුවන් තොටුපොළ බැංකු පිහිටි ප්‍රදේශයට පැමිණ , දෙස් විදෙස් සංචාරකයන් තම ගමන් මලු පසෙක තබා , ඔවුන් රැගෙන එන විදේශ මුදල් එම බැංකු වලින් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කරමින් සිටින අවස්ථා වලදී , ඔවුන්ගේ අවධානය මුදල් මාරු කිරීම පිළිබඳ යොමු වී පවතින අවස්ථාවේදී ඔවුන්ගේ ගමන් මලු රැගෙන පළා යාම සිදු කර තිබේ

36 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා 35 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර මොවුන් දෙදෙනා කැළණිය , දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?