අත්බෝම්බය සිහිපත් කළ අතීතය

යාපනය,කරවෙඩ්ඩි උතුර ප්‍රදේශයේ ඉඩමක තිබ් අත්බෝම්බයක් ඊයේ(20) සොයාගත් බව යාපනය නෙල්ලිඅඩි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ඉඩමේ අයිතිකරු විසින් ඉඩම පිරිසිදු කරන අවස්ථාවක අත්බෝම්බය දැක පොලිසිය දැනුවත් කළ බවයි.

අනතුරු පොලිසිය විසින් අදාළ ස්ථානයට ගොස් අත්බෝම්බය ගොඩගෙන ඇති අතර,ගොඩගත් අත්බෝම්බය පේදුරුතුඩුව අධිකරණ නියෝග යටතේ නිෂ්ක්‍රිය කළ බවද පොලිසිය සඳහන් කළා.

යුධ සමයේ අතහැර දමා ගිය බෝම්බයක් එලෙස මතුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?