අයිස් සමඟ අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු 04 දෙනාගෙන් දින 07 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

රුපියල් ලක්ෂ 75ක පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ මොවුන් අත්අඩංගුවට ගත් අතර මෝටර් රථයක්, ත්‍රී රෝද රථයක් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් පෙතියාගොඩ සංඛගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයන් බවයි ආරක්ෂක අංශ සදහන් කළේ.අංගොඩ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී සැකකරුවන් හා අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනුණා.තවත් දෙදෙනෙකු සෝදිසි කිරීමේදී ඔවුන් ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත්තා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?