විදුලිබල ප්‍රතිසංස්කරණ පනත ගැසට් කෙරේ

විදුලි බල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත මීට පෙර පසුගිය දෙසැම්බර් 08 වැනිදා ගැසට් කෙරුණා. නමුත් එහි දෝෂ රැසක් පවතින බවට විරෝධතා එල්ලවීමත් සමග එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන බවටයි විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේ.

සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළේ ඒ අනුවයි.

විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂණය කිරීම, බෙදා හැරීම, වෙළඳාම් කිරීම, සැපයීම හා ප්‍රසම්පාදනය මෙහි පරමාර්ථය වී තිබෙනවා.

මීට අමතරව ජාතික විදුලිබල උපදේශක සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර එහි සාමාජිකයින් 07 දෙනෙකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබුවා.

එමෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව සීමා සහිත සමාගමක් සංස්ථාගත කිරීමට මෙමගින් යෝජනා වී තිබෙන අතර එම සමාගම විසින් ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සිදුකළ යුතු බවද එහි සඳහන්.

විදුලි බල කර්මාන්තයේ ව්‍යුහය මෙම පනත් කෙටුම්පතින් සමාගම් කිහිපයක් වෙත පවරා තිබෙන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි උත්පාදන වත්කම් පවරා ගැනීම සඳහා ශ්‍රි ලංකා රජය විසින් 100%ක කොටස් දරනු ලබන සමාගමක් පිහිටුවීමටද යෝජිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35