පැවිදි දිවියට පිවිසෙන්න කෝටි ගණනක වස්තුව බෙදා දුන් ව්‍යාපාරික යුවළ

පැවිදි දිවියට එළඹීම සඳහා රුපියල් කෝටි 200ක ධනයක් පරිත්‍යාග කළ ව්‍යාපාරික යුවළක් පිළිබද පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ගුජරාටයේ ධනවත් ජෛන ව්‍යාපාරික යුවළක් මෙලෙස රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් බෙදා දී පැවිදි බව ලබාගෙන ආධ්‍යාත්මික දිවියකට එළඹීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ පසුගිය පෙබරවාරි මාසයේ පැවති උත්සවයකදී ඔවුන්ගේ සියලු ධනය පරිත්‍යාග කළ අතර, මෙම මස අගදී පැවිදි දිවියට එළඹීමට නියමිත බව සඳහන්.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක නිරතව සිටි මෙම ව්‍යාපාරිකයාගේ 19 හැවිරිදි දියණිය සහ 16 හැවිරිදි පුත්‍රයා ද 2022 වසරේ දී පැවිදි දිවියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මව සහ පියා ද එම දරුවන් දෙදෙනාගේ අඩිපාරේ ගමන් කරමින් මෙලෙස තමන්ගේ ද්‍රව්‍යමය බැඳීම් අත්හැර තපස් මාර්ගයට එළඹීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එළෙඹෙන අප්‍රේල් 22 වන දින ප්‍රතිඥාව ලබා ගැනීමෙන් පසු, මෙම යුවළට සියලු පවුල් බැඳීම් අත්හැරිය යුතු අතර, කිසිදු ද්‍රව්‍යමය වස්තුවක් තබා ගැනීමට අවස්ථාව සැලසෙන්නේ නැහැ.

ඉන්පසු ඔවුන් ඉන්දියාව පුරා පාවහන් නොමැතිව ගමන් කර දානයෙන් පමණක් ජීවත් වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

ජෛන ආගමේ ‘දික්ෂා’ ගැනීම සැලකිය යුතු කැපවීමක් වන අතර පුද්ගලයා භෞතික සැප සම්පත් නොමැතිව, දානයෙන් පමණක් දිවි ගෙවමින් සහ පාවහන් නොමැතිව රට පුරා ඇවිදිමින් ජීවත්වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
5
+1
12
+1
6
+1
8
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48