එළඹෙන උත්සව සමයේ දී බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (12) මේ බව සඳහන් කළා.
එලෙස බීමත්ව රිය පදවා වරදකරුවෙක් වුවහොත් අධිකරණයකින් නියමකරනු ලබන රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවීමට ද සිදුවන බව ඔහු පැවසුවා.
මේ අතර බීමත් රියදුරෙක් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරියෙක්ට රුපියල් පන්දහසක ත්‍යාග මුදලක් ලබාදීමට ද කටයුතු කරන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.
පොලිස්පතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත පොලිස් නිලධාරීන් දිරිගැන්වීමේ අරමුණින් මෙම ත්‍යාග මුදල් ලබාදෙන බවයි වාර්තා වන්නේ.