දෝනිව අපේක්ෂාවෙන් සිටි ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු තත්පර කිහිපයකට බොඳකළ ජඩේජා (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (08) රාත්‍රියේ පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයගැනීමට සමත් වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කරමින්.

චෙන්නායි කණ්ඩායම කඩුලු 07කින් මෙම තරගය ජයගත් අතර, ඔවුන් ඊයේ වාර්තා කළේ මෙවර තරගාවලියේ තුන්වන ජයග්‍රහණයයි.

චෙන්නායි හි එම්.ඒ.චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ප්‍රේක්ෂකාගාරයේ වැඩි වාසි සුපුරුදු පරිදි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හිමි වුණා.

මේ අතර අයි.පී.එල් තරඟාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් ලෝලීන් හෝ අනෙකුත් ක්‍රිකට් ලෝලීන් බලා සිටින එක් දෙයක් තිබේ නම් එය මහේන්ද්‍ර සිං දෝනි පන්දුවට පහර දෙන මොහොතයි.

42 හැවිරිදි වියේ පසුවන දෝනි ඔහුගේ ක්‍රීඩාව අවසන් කරන්නේ කුමන වාරය හෝ තරඟයදැයි කිසිඳු ක්‍රීඩාලෝලියෙක් තවමත් නොදන්නා කරුණක්.

මේ හේතුවෙන් රසිකයින් ක්‍රීඩා පිටිය තුළ දෝනිගේ සෑම මොහොතක්ම රස විඳීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔවුන්, ඔහු පිතිකරණයේ යෙදෙන ආකාරය නැරඹීමට සහ ඔහුගේ පැරණි ස්වභාවය දැකබලා ගැනීමට ආශාවෙන් මෙම තරග නැරඹීමට පැමිණෙනවා.

මෙම තරග වාරයේ දී තවමත් එය දැකගැනීමට අවස්ථාවක් නොලැබුණු අතර, ඊයේ තරගයේදී ඔහු අංක 04 ස්ථානයේ පිතිකරණයේ යෙදීමට පැමිණියා.

කෙසේ වෙතත් මෙම තරගයේ දී දෝනි පන්දුවට පහරදීමට පිටියට යෑමට පෙර චෙන්නායි කඳවුරේ සිදු වූ අපූරු සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

එම සිදුවීම පහතින් නරඹන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44