spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෝනිව අපේක්ෂාවෙන් සිටි ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු තත්පර කිහිපයකට බොඳකළ ජඩේජා (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (08) රාත්‍රියේ පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයගැනීමට සමත් වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කරමින්.

චෙන්නායි කණ්ඩායම කඩුලු 07කින් මෙම තරගය ජයගත් අතර, ඔවුන් ඊයේ වාර්තා කළේ මෙවර තරගාවලියේ සිව්වන ජයග්‍රහණයයි.

චෙන්නායි හි එම්.ඒ.චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ප්‍රේක්ෂකාගාරයේ වැඩි වාසි සුපුරුදු පරිදි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හිමි වුණා.

මේ අතර අයි.පී.එල් තරඟාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් ලෝලීන් හෝ අනෙකුත් ක්‍රිකට් ලෝලීන් බලා සිටින එක් දෙයක් තිබේ නම් එය මහේන්ද්‍ර සිං දෝනි පන්දුවට පහර දෙන මොහොතයි.

42 හැවිරිදි වියේ පසුවන දෝනි ඔහුගේ ක්‍රීඩාවේ අවසන් කරන්නේ කුමන වාරය හෝ තරඟයදැයි ඒ කිසිඳු ක්‍රීඩාලෝලියෙක් තවමත් නොදන්නා කරුණක්.

මේ හේතුවෙන් රසිකයින්ට ක්‍රීඩා පිටිය තුළ දෝනිගේ සෑම මොහොතක්ම රස විඳීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔවුන්, ඔහු පිතිකරණයේ යෙදෙන ආකාරය නැරඹීමට සහ ඔහුගේ පැරණි ස්වභාවය දැකබලා ගැනීමට ආශාවෙන් මෙම තරග නැරඹීමට පැමිණෙනවා.

මෙම තරග වාරයේ දී තවමත් එය දැකගැනීමට අවස්ථාවක් නොලැබුණු අතර, ඊයේ තරගයේදී ඔහු අංක 04 ස්ථානයේ පිතිකරණයේ දීමට පැමිණියා.

කෙසේ වෙතත් මෙම තරගයේ දී දෝනි පන්දුවට පහරදීමට පිටියට යෑමට පෙර චෙන්නායි කඳවුරේ සිදු වූ අපූරු සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

එම සිදුවීම පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?