උත්සව සමයේ අනතුරුවලින් ප්‍රවේශම් වෙමු

උත්සව සමය හදිසි අනතුරු වාර්තා වීම ඉහළ යන කාලයක් බව ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යාණි සොයිසා පවසනවා.

විශේෂයෙන්ම මහා මාර්ගයේ සිදුවන අනතුරු, නිවසේදීවන අනතුරු, හිංසන ක්‍රියා, ක්‍රීඩා අනතුරු, ගිනි⁣⁣ කෙළි අනතුරුවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම්කරන අනතුරු ලෙස හැඳින්විය හැකි බව ඇය පවසන්නේ.

මෙම අනතුරුවලින් 85% ක්ම සිදුවන්නේ පුද්ගල හේතු සාධක නිසා බවයි ඇය සඳහන් කළේ.

විශේෂයෙන්ම ගිණිකෙළි භාවිතයේ දී වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, කුඩා දරුවන් ගිනිකෙළි භාවිතයට යොමු කිරීමෙන් වැළකී සිටින ලෙසත් ඇය මහජනතාවට දැනුම් දෙනවා.

ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිදුවන කුඩා අතපසුවීමක් හේතුවෙන් දරුවෙකුගේ ජීවිතයට වුව ද අවදානමක් ඇතිවිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?