ඉතාලි පනින්න තරුණයා ගහපු ගේම ගුවන්තොටුපොළේ දී පත්තු වෙයි

ව්‍යාජ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත්‍රයක් සහ ගුවන් ප්‍රවේශ පත්‍රයක් යොදා ගනිමින් ඉතාලිය වෙත පළා යෑමට තැත්කළ තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

මොහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත යාමට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී – 9558 දරණ ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පසුගිය දා (05) පැමිණ තිබුණා.

මෙම තරුණයා සිය ගුවන් නිශ්කාශන කටයුතු සිදුකර අවසන් වී විගමන කටයුතු සඳහා පිටත්ව යමින් සිටින අතරතුර, ඔහු පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා මූලික විමර්ශනයක් සිදුකර ඇති බව සඳහන්.

එහිදී ඔහු සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රය ද ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

අනතුරුව ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී ඒ තුළ මොහුගේ සැබෑ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සහ ව්‍යාජ ලෙස සකස් කළ විගමන මුද්‍රාවක් ද තිබී සොයාගැනීමට නිලධාරීන්ට හැකිව ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මොහු ව්‍යාජ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය වෙත යොමු කර ඔවුන්ට හසු නොවී, ඉතාලි නේවාසික වීසා බලපත්‍රය ද ලබාගෙන තිබීම විශේෂත්වයක්.

මෙම කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රය මඟින් ඉතාලිය වෙත ඇතුළු වූ සැනින් මෙම කටයුතු සංවිධානය කර දුන් තැරැව්කරු වෙත රුපියල් ලක්ෂ 95ක මුදලක් ගෙවීමේ පොරොන්දුව මත මෙම ගුවන් ගමන සැළසුම් කළ බව තරුණයා ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමටයි කටයුතු කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30