spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉතාලි පනින්න තරුණයා ගහපු ගේම ගුවන්තොටුපොළේ දී පත්තු වෙයි

ව්‍යාජ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත්‍රයක් සහ ගුවන් ප්‍රවේශ පත්‍රයක් යොදා ගනිමින් ඉතාලිය වෙත පළා යෑමට තැත්කළ තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

මොහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත යාමට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී – 9558 දරණ ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පසුගිය දා (05) පැමිණ තිබුණා.

මෙම තරුණයා සිය ගුවන් නිශ්කාශන කටයුතු සිදුකර අවසන් වී විගමන කටයුතු සඳහා පිටත්ව යමින් සිටින අතරතුර, ඔහු පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා මූලික විමර්ශනයක් සිදුකර ඇති බව සඳහන්.

එහිදී ඔහු සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රය ද ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

අනතුරුව ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී ඒ තුළ මොහුගේ සැබෑ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සහ ව්‍යාජ ලෙස සකස් කළ විගමන මුද්‍රාවක් ද තිබී සොයාගැනීමට නිලධාරීන්ට හැකිව ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මොහු ව්‍යාජ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය වෙත යොමු කර ඔවුන්ට හසු නොවී, ඉතාලි නේවාසික වීසා බලපත්‍රය ද ලබාගෙන තිබීම විශේෂත්වයක්.

මෙම කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රය මඟින් ඉතාලිය වෙත ඇතුළු වූ සැනින් මෙම කටයුතු සංවිධානය කර දුන් තැරැව්කරු වෙත රුපියල් ලක්ෂ 95ක මුදලක් ගෙවීමේ පොරොන්දුව මත මෙම ගුවන් ගමන සැළසුම් කළ බව තරුණයා ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමටයි කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
6
+1
5
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?