උඩරට නැටුම් කලාව ආරක්ෂා කරන්න ජනපතිගෙන් කමිටුවක්

උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (07) පෙරවරුවේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකු ද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබාදෙන බව පැවසූ ජනාධිපතිවරයා, උඩරට කලා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට ඒ යටතේ කටයුතු කරන බවයි පැවසුවේ.

මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාරට මෙහි දී උපදෙස් දුන්නා.

උඩරට නැටුම් කලාව දේශීය මෙන්ම විදේශිය වශයෙන් ප්‍රචලිතව තිබුණ ද පාරම්පරික සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමේ ගැටළුව පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව කමිටුව මගින් ඒ පිළිබඳ සොයාබලා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරිමට උපදෙස් ලබා දෙන බව ද සඳහන් කළා.

ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී මුහුණදීමට සිදුව ඇති ගැටළු කිහිපයක් පිළිබඳව මෙහි දී මහනුවර සාම්ප්‍රදායීක නර්තන ශිල්පීන් ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර, එම ගැටළු පිළිබඳ සොයාබලා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට මැදිහත්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

එමෙන්ම සබරගමුව නැටුම් කලාව වැනි මෙරට සම්ප්‍රදායික කලා ශිල්ප ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

රටේ ආර්ථිකය නගා සිටුවමින් සියලු ජනතාවට යහපත් රටක් ගොඩනගාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළට මෙහි දී මහනුවර සම්ප්‍රදායික නර්තන ශිල්පීන් සිය ප්‍රශංසාව පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
00:00
Video thumbnail
මේ රට අපි කාටවත් දෙන්නේ නෑ - අපේ රට අපිට ඕනේ
01:10
Video thumbnail
රස්තියාදුකාරයෙක් වගේ ප්‍රශ්න අහන්නේ ලැජ්ජා නැද්ද
05:24
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:41
Video thumbnail
පාර්ලිමේන්තුව පටන්ගත්තා විතරයි - චමින්දට නහුතෙටම තදවෙයි
05:43
Video thumbnail
ෆෝන් 87ක් චීන්නු තිදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:35
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00