spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩරට නැටුම් කලාව ආරක්ෂා කරන්න ජනපතිගෙන් කමිටුවක්

උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (07) පෙරවරුවේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකු ද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබාදෙන බව පැවසූ ජනාධිපතිවරයා, උඩරට කලා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට ඒ යටතේ කටයුතු කරන බවයි පැවසුවේ.

මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාරට මෙහි දී උපදෙස් දුන්නා.

උඩරට නැටුම් කලාව දේශීය මෙන්ම විදේශිය වශයෙන් ප්‍රචලිතව තිබුණ ද පාරම්පරික සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමේ ගැටළුව පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව කමිටුව මගින් ඒ පිළිබඳ සොයාබලා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරිමට උපදෙස් ලබා දෙන බව ද සඳහන් කළා.

ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී මුහුණදීමට සිදුව ඇති ගැටළු කිහිපයක් පිළිබඳව මෙහි දී මහනුවර සාම්ප්‍රදායීක නර්තන ශිල්පීන් ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර, එම ගැටළු පිළිබඳ සොයාබලා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට මැදිහත්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

එමෙන්ම සබරගමුව නැටුම් කලාව වැනි මෙරට සම්ප්‍රදායික කලා ශිල්ප ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

රටේ ආර්ථිකය නගා සිටුවමින් සියලු ජනතාවට යහපත් රටක් ගොඩනගාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළට මෙහි දී මහනුවර සම්ප්‍රදායික නර්තන ශිල්පීන් සිය ප්‍රශංසාව පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?