එළඹෙන උත්සව සමයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් (වීඩියෝ)

එළඹෙන උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඒ, යටතේ රථ වාහන නිලධාරීන් 10,000කට ආසන්න පිරිසක් දිවයිනම ආවරණය පරිදි සේවයේ යොදවා ඇති අතර කොළඹ නරගය තුළ පමණක් එම සංඛ්‍යාව දහසකට අධිකයි.

මේ අතර අවුරුදු ක්‍රීඩා උත්සව සංවිධාන කිරීමේදී පිළිපැදිය යුතු කාරණා සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දැක්වූවා.

එමෙන්ම මෙම උත්සව සමයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු ද සැරිසරන බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් මෙන්ම වෙළෙඳුන් ද සැළකිලිමත්ව කටයුතු කරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?