කොන්ක්‍රීට් වළල්ලක් ඇඟට පෙරලී පාසල් සිසුවාට අත්වූ ඉරණම

මස්කෙළිය පොලිස් වසමේ රෝස් ෆීල්ඩ් ප්‍රදේශයේ පාසලක ඊයේ (04) දහවල් වැසිකිලි වළවල්වලට බහලනු ලබන කෝන්ක්‍රීට් සිලින්ඩරයක් පිරිමි දරුවෙකුගේ ඇඟට පෙරළී බරපතල තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කිරීමෙන් මිය ගොස් තිබෙනවා.

මිය ගිය දරුවා 11 හැවිරිදි තම්ඹතැන්න කොටස, ගාඩ්මොර් වත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

පාසලක නිවාසවල ඉදිකරමින් පැවති වැසිකිලි වළවල්වලට බහලනු ලබන අඩි 03 විශ්කම්භය අඩි 03ක්ද කොන්ක්‍රීට් සිලින්ඩර් 05ක් ලොරි රථයකින් රැගෙන විත් පෙරළී ගෙන යාමට හැකි වන අයුරින් වැසිකිලිය අසල තබා තිබෙනවා.

මිය ගිය දරුවා සමඟ තවත් දරුවන් කිහිපදෙනෙකු වැසිකිලියට යාමේදී මිය ගිය දරුවා එම කොන්ක්‍රීට් සිලින්ඩරයක උඩ නැඟ ඇති බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදී කොන්ක්‍රීට් සිලින්ඩරය පෙරළී වැසිකිලි බිත්තියක දරුවාගෙ හිස වැදී පසුව සිලින්ඩරය ඇඟට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනව බව සඳහන්.

ඒ අනුව සිදුකරන ලද විමර්දනයේදී නොසැලකිමත් ක්‍රියාවක් නිසා මරණයක් සිදුවීම සම්බන්ධයෙන් කොන්ක්‍රීට් සිලින්ඩර් රැගෙන ආ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය දික් ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මස්කෙලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13