spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොන්ක්‍රීට් වළල්ලක් ඇඟට පෙරලී පාසල් සිසුවාට අත්වූ ඉරණම

මස්කෙළිය පොලිස් වසමේ රෝස් ෆීල්ඩ් ප්‍රදේශයේ පාසලක ඊයේ (04) දහවල් වැසිකිලි වළවල්වලට බහලනු ලබන කෝන්ක්‍රීට් සිලින්ඩරයක් පිරිමි දරුවෙකුගේ ඇඟට පෙරළී බරපතල තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කිරීමෙන් මිය ගොස් තිබෙනවා.

මිය ගිය දරුවා 11 හැවිරිදි තම්ඹතැන්න කොටස, ගාඩ්මොර් වත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

පාසලක නිවාසවල ඉදිකරමින් පැවති වැසිකිලි වළවල්වලට බහලනු ලබන අඩි 03 විශ්කම්භය අඩි 03ක්ද කොන්ක්‍රීට් සිලින්ඩර් 05ක් ලොරි රථයකින් රැගෙන විත් පෙරළී ගෙන යාමට හැකි වන අයුරින් වැසිකිලිය අසල තබා තිබෙනවා.

මිය ගිය දරුවා සමඟ තවත් දරුවන් කිහිපදෙනෙකු වැසිකිලියට යාමේදී මිය ගිය දරුවා එම කොන්ක්‍රීට් සිලින්ඩරයක උඩ නැඟ ඇති බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදී කොන්ක්‍රීට් සිලින්ඩරය පෙරළී වැසිකිලි බිත්තියක දරුවාගෙ හිස වැදී පසුව සිලින්ඩරය ඇඟට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනව බව සඳහන්.

ඒ අනුව සිදුකරන ලද විමර්දනයේදී නොසැලකිමත් ක්‍රියාවක් නිසා මරණයක් සිදුවීම සම්බන්ධයෙන් කොන්ක්‍රීට් සිලින්ඩර් රැගෙන ආ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය දික් ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මස්කෙලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?