ඉන්ධන ගාස්තු අඩුවීම ගැටළු සහගතයි – සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය

ඉන්ධන ගාස්තු අඩුවීම තුළ ගැටළු සහගත තත්ත්වයක් පවතින බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසන්නේ පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමට නම් සාමාන්‍ය නිගමනයට අනුව ඉන්ධන ගාස්තු රුපියල් පනහත් හැටත් අතර මිලකින් අඩුවිය යුතු බවයි.

එලෙස මිල ගණන් අවුවන්නේ නම් ත්‍රිරෝද රත්ග ගාස්තු රුපියල් 20කින් පහළ දැමීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

“මේ ආර්ථික උද්ධමනයත් එක්ක ත්‍රීරෝද රථයේ අවශ්‍යතා සපුරාගැනීමට තිබෙන ලිහිසි තෙල් සහ අමතර කොටස් සම්බන්ධව තියෙන ගැටලු වැට් බදු සම්බන්ධව තියෙන ගැටලු මේ සියල්ල එකතු කරගෙන අපිට වෙනම අඩුකරන්න සුළු මුදලකින් බැරිවෙනවා උපරිමය අපි රුපියල් 50ත් 60ත් අතර මිලකට ඉන්ධන මිල අඩුවෙලා තිබුණා නම් අඩු කරන්න තිබුණා.
අපි රුපියල් අසූවට හයර් ගාස්තු තබාගෙන තිබීදීත් ඒ වෙනකොට ඉන්ධන මිල තිබුනේ රුපියල් එකසිය හැටකට වගේ මුදලකට දැන් ඒ වගේ දෙගුණයකට ඉහළ ගිහිල්ලා තියෙන්නේ ඉන්ධන මිල, ඒකට සාපේක්ෂව දැන් මිල අඩුයි කියලා කියන්න පුළුවන් රුපියල් සීයයි කියන ගාන, සුළු සුළු මුදල්වලින් කොච්චර අඩු වුවත් සාපේක්ෂතාවයෙන් ඉන්ධන මිල අඩුවීමක් වෙලා නැහැ.මේ කරන්නේ වැඩි වෙච්ච මුදල යම් යම් සුළු සුළු අවපාතයන්වලට අඩුකරන එක.”

රජය විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධනවර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට කටයුතු කළා.

ඒ, අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 72 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 12 කින් මිල අඩු කළා.

කෙසේ වෙතත් සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්වල මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු කළේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27