ඉන්දීය තරුණියන් මතීෂට වහවැටෙයි – ජනප්‍රිය තරුණ නිළියකුත් ඒ අතරේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (31) රාත්‍රියේ පැවති තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සිදු වුණා.

චෙන්නායි කණ්ඩායම මෙම තරගය පරාජයට පත්වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණගේ දක්ෂතා ඊයේ තරගයේ දී කැපී පෙනුනා.

මෙම තරගයේ දී මතීෂ ලකුණු 31ක් තුළ දිල්ලි ඉනිමේ ප්‍රබල කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වූ අතර, සුපිරි උඩ පන්දුවක් රැකගනිමින් ප්‍රවේගකාරී පිති හරඹයක් දියත්කරමින් සිටි ඩේවිඩ් වෝනර්ගේ ඉනිම අවසන් කරන්නට ද දායක වුණා.

මේ අතර මතීෂ පතිරණ ඉන්දීය තරුණියන් අතර ජනප්‍රිය සහ ආදරයකරන තරුවක් බවට මේ වනවිටත් පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මතීෂට ඇලුම්කරන දස දහස් සංඛ්‍යාත ඉන්දීය තරුණියන් අතර, දමිළ නිළියක් ද සිටින බවයි.

දමිළ රූපවාහිනී ලෝකයේ රැල්ලක් ඇති කළ දක්ෂ නිළික් වන නේහා මෙනන් ද, මතීෂට අතිශය ආදරය කරන තැනැත්තියක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මතීෂ සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ සටහනක් හේතුවෙන්, මතීෂ පතිරණ සමඟ ඇය ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට ද කට කතාවක් ද පැතිර ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එම කට කතාව සම්බන්ධයෙන් නේහා මෙනන් අදහස් දැක්වවමින් හාස්‍යජනක ලෙස එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

තමාට ක්‍රිකට් ගැන කිසිදු උනන්දුවක් නොමැති බවත් සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් පතිරණ සමඟ සම්බන්ධ වී සිටිය ද කිසි දිනෙක ක්‍රිකට් ක්‍රීඩකයා පෞද්ගලිකව මුණගැසී නැති බවත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26