කමිඳුගෙන් තවත් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් ද සමත්වුණා.

මෙහිදී ඔහුට අර්ධ ශතකය රැස් කිරීම සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 99ක්.

එමෙන්ම ඔහු මෙලෙස රැස්කළේ සිය ටෙස්ට් දිවියේ 02වන අර්ධ ශතකයයි.

එයට හතරේ පහර 05ක් ඇතුලත් වුණා.

ඒ සමගින් මෙම තරගයේ පළමු ඉනිම සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් 06 දෙනෙකු අර්ධ ශතක වාර්තා කිරීමද විශේෂත්වයක්.