කම්පෙෂර් බටය ගුද මාර්ගයට අල්ලලා – සෙල්ලම ලෙල්ලම වී තරුණයාට දිවි අහිමි වෙයි

මාබිම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට විහිළුවට හුළං බටයක් (කම්පෙෂර් බටයක්) ඇල්ලීමෙන් ඔහුගේ බඩවැල් පිපිරී මියයාමේ පුවතක් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක් බවයි සපුගස්කන්ද පොලිසිය සඳහන් කළේ.

පසුගිය 25 වනදා ආයතනයේ සේවකයන් දෙදෙනෙකු විසින් විහිළුවට මෙම තරුණයාගේ ගුද මාර්ගයට කම්පෙෂර් බටයක් අල්ලා ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දෝ ඔහුගේ උදරයට හුළං පිරී අසාධ්‍ය තත්ත්වයෙන් එම තරුණයා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

එලෙස රෝහල් ගතකළ එම තරුණයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28) රාත්‍රියේ මියගොස් ඇති බව සපුගස්කන්ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධියට සම්බන්ධ සැකකාර සේවකයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙක්.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර සේවකයින් දෙදෙනා පසුගිය 26 වනදා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24