මාස තුනකට බාල ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ 16ක් භාවිතයෙන් ඉවත් කරලා

ගෙවුණු මාස තුනක කාලය තුළ වෛද්‍ය සැපයුම් ඒකකයට ගෙන්වන ලද තත්ත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතිය වාර්තා කරනවා.

මෙරෆනම් ප්‍රතිජීවක ඖෂධය, ක්ලින්ඩර්මයිසීන් ප්‍රතිජීවක ඖෂධය මෙන්ම මෙරට නිෂ්පාදිත දියවැඩියා ඖෂධයක්ද ඒ් අතර වනවා.

කොවිඩ් වසංගතය සහ මෙරට පැන නැගුණු ආර්ථික අර්බුදයත් සමග ලංකාවේ සෞඛ්‍ය පද්ධතියෙන් සැපයුණු සේවාවල ප්‍රමිතිය බිඳවැටීමක් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා පළ වුණා.

සාමාන්‍ය ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ ප්‍රමිති පරීක්ෂාව බිඳවැටීම සහ හදිසි ඖෂධ මිලදීගැනීමේ ක්‍රියාවලිය ඔස්සේ මහ පරිමාණයෙන් දූෂණ වංචාවලට ඉඩ සැකසී ඇති ආකාරය සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන අවස්ථා ගණනාවකදී පෙන්වා දෙනු ලැබුවා.

හිටපු සෞඛ්‍ය බලධාරීන් ඉවත් කොට නව සෞඛ්‍ය ඇමතිවරයෙකු පත්කර ගැනීමට ද කටයුතු කෙරුණේ එම තතත්වය වහා වෙනස් කරගැනීමේ අරමුණෙන්.

එහෙත් තවමත් ඖෂධ සැපයුම් ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදු නොවන බව මෙසේ ඖෂධ කාණ්ඩ 16ක් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීමෙන් තහවුරු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?